වෙඩින් ප්ලැනින් ලිස්ට් Wedding Panning list (දෙවන කොටස)
අපි කලින් ලිපියේ කතාකරමින් සිටියේ පළමු මාස 6-12 කාලයේ අපි කරන්න ඕන දේවල් ගැනනේ. තව ගොඩක් දේවල් තියනවා.
• ඇත්තටම ඔයා මනමාලියක් වෙන්නනම් ලැඑස්ති වෙන්නේ අනිවාර්යෙන්ම ශරීරයේ හැඩේ ගැන හිතන්න ඕන. එකට කරන දේවල් අපි ඉදිරියේදි කතා කරනවා.
• ඊළගට තමා ටිකක් අමාරුම වැඩ ටික තියෙන්නේ. මම අර කලින් කීව video, exhibition, leaflet බලලා මේ අයව බුක් කරගන්න. Photoghrapher Videoghrapher Beautician (Salon) Flower Decorator Wedding Cakes Caterer මෙයාලා තෝරගන්න අපි ඉදිරි ලිපිවලින් ඔයාට උදව් කරන්නම්. අනිවාර්යෙන්ම මතක්කරලා ඇඩ්වාන්ස් කරන්න මුදලක් අරන්ම යන්න. • දැන් ඔයාලගේ වෙඩින් crue එක තෝරගන්න. නැත්නම් වෙඩින් එක ළංවෙද්දි තෝරන්න අමාරුයි. • වෙඩින් එක තීරණය කරලා පළමු මාස 6-12 කාලයේ ඔයාට ගොඩක්ම කරන්න තියෙන්නෙ හොද Idea බලලා ඔය දෙන්නා සාකච්චා කරන එක තමයි මාස 4-6 මේ කාලේ තමා ගොඩක්ම කාර්ය බහුල වෙන්නේ. • මුලින්ම මනමාලියගේ Beautician ලගට ගිහින් ඔයගේ idea සහ එයාගේ idea බලලා වෙඩින් Saree & Wedding Colours තෝරගන්න. • ඊළගට මනමාලයගේ ඇදුම මනමාලියගේ සාරීයේ පාටට ගැලපෙන්න තෝරගන්න. • Wedding card designer ළගට ගිහින් ඔයාගේ කලර්ස් වලට ගැලපෙන්න කාර්ඩ් එකක් ඩිසන් කරගන්න. මුලින්ම සාම්පල් එකක් කරලා බලන්න. • Photographer ළගට යන්න. එයාම Video එක කරනවානම් Preshoot එකට දිනයක් වෙන් කරගන්න.Photo & Video දෙන්නෙක් කරනවානම් මේ දෙන්නටම එකම දවසක Appoinment එකක් දාල ඔයාගේ හා එයාලා දෙන්නගේ Idea කතා කරගන්න. • වෙඩින් කේක්, කේක් Boxes ඕඩර් කරන්න • Music Ban/ DJ වෙන්කරගන්න • අශ්ටක කියන අය, Entrence Dancing Group, ජයමංගල ගාතා කියන අය වෙන් කරගන්න • සර්ප්‍රියිස් ඩාන්ස් එකකට ready වෙනවනම් එකට Choreographer කෙනෙක් හොයාගන්න. • හනිමූන් හොටෙල් බූක් කරගන්න • හනිමූන් එකට වෙනත් රටකට යනවනම් ඒ සදහා කටයුතු සූදානම් කරගන්න • කරමාල, මුදු අලුතින්ම ඩිසයින් කරනවානම් දැන්ම එයාලට ඩිසයින් ටික බාර දෙන්න • එන්ගේජ්මෙන්ට් එක කලින් තියනවනම් Wedding Ring දෙක දැන්ම හදවන්න දෙන්න • ගෙස්ට් ලිස්ට් එක හරියටම හදාගන්න • වෙඩින් එකට Luxury Wedding Car Rent කරනවානම් ඒකත් දැන්ම බූක් කරගන්න • වෙඩින් Decorations ටික බලන්න. (පෝරුව, සෙටිබැක්, ටේබල් ඩෙකෝස්) • Beautician ළහට ගිහින් තමන්ගේ මූණ පිළිබද ගැටලු තියනවානම් ඒ සදහා Treatments (Blackheads, Whiteheads, Pimples, Wrinkels) කරන පටන් ගන්න
වෙඩින් ප්ලැනින් ලිස්ට් Wedding Panning list (දෙවන කොටස)
Reviewed by Nipuna Harshana Kumara
on
August 29, 2018
Rating:
No comments: